බබාගේ බර වැඩි කර ගන්න හිතන අම්මලා අනිවාර්යෙන් කියවන්න

අපේ රට ආසියාකරයේ අනිත් රටවල් වලට වඩා සෞඛ්‍ය අතින් පොහොසත් බව අපි කවුරුත් දන්නා දෙයකි. විශේෂයෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධව නම් කලාපයේ අනෙක් රටවල් වල ට සාපේක්ෂව මදක් ඉහළ තැනක සිටින බව පැහැදිලි සත්‍යයකි.
මෙයට ප්‍රධාන හේතුව අපේ සෞඛ්‍ය සේවයේ එහෙමත් නැත්නම් නිවාරණ සෞඛ්‍ය සේවයේ දක්ෂතාවය කැපවීම හා විශේෂිත ම දෙය නම් ලංකාවේ මව්වරු දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව බොහොමයක් වගකීමෙන් කටයුතු කිරීමයි .

(උදාහරණයක් ලෙස දශක දෙකකට තුනකට එපිටින් පවුල් සංවිධානය සම්බන්ධ ක්‍රියාත්මක වූ වැඩසටහන් කොතරම් සාර්ථක වූවේද යත් අදටද පවුලක සිටින්නේ බොහෝ විට එක් දරුවෙකි.)

ඒ ආකාරයටම දරුවන්ගේ බර වැඩි කර ගැනීම හෙවත් ළදරු පෝෂණය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළ බොහොමයක් ලංකාවේ ක්‍රියාත්මක විය.(උදා: මන්දපෝෂණය තුරන් කිරීම,ත්‍රිපෝෂ වැඩපිළිවෙළ ,පෝෂණ පරිපූරක අනුපුරක,පෝෂණ දැනුම ගමින් ගමට)

මේවාද කොතරම් සාර්ථක ද යත් අප රටේ බහිතර මව්වරුන්ගේ ප්‍රධානම දැවෙන ප්‍රශ්නය වන්නේ දරුවාගේ බර වැඩි කර ගන්නේ කෙසේද යන්නයි.නොමැති නම් බර වැඩි නොවීම පිළිබඳ ප්‍රශ්නයයි.

නමුත් ඔබ නොදැන සිටින සත්‍ය නම්
………………………………………..
දරුවකුගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය තුල බර ප්‍රමාණයට වඩා වැඩි වීම හා අධික සීනි,කැලරි හා තෙල් භාවිතයට මේ කාලයේ සිටම හිරු විම ඔහුගේ අනාගත ජීවිතයම අඳුරු කිරීමට, රෝගී වැඩිහිටියකු කිරීමට හේතු වන බවයි.

දරුවන්ගේ කුඩා කාලයේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම, නියමිත බරට වඩා බර අඩු වීමටත් වඩා දරුවෙකුගේ ජීවිතයටඅයහපත් ලෙස බලපාන බව නවතම විද්‍යාත්මක සොයා ගැනීමයි.

මේ නිසා දරුවා නිරෝගී වැඩිහිටියකු කිරීමට නම්

– මාස හයක් වන තුරු මවු කිරි පමණක් ලබා දෙන්න.

– උපතේ සිටම බර වැඩි කර ගැනීමට නොව උපත් බරට සාපේක්ෂව නියමිත බර පවත්වා ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වන්න.

– වැරදි ආහාර රටා,වැරදි ආහාර සහ හානි කර ආහාර වල රසයන් ගෙන් කුඩා කල සිටම දරුවා බේරා ගන්න.

උදා: අප රටේ සංස්කෘතියේ ආහාර රටාව තුළත් නවීන ආහාර ක්‍රමවේද තුළත් පැණි රස හෙවත් සීනි වැඩිපුර පවතියි.තේ කෝපි හෝ පලතුරු පානයකට වුව සීනි දමා පානය කිරීමට හා තේ බොන වාරයක් පාසා පැණි රස හෝ යම්කිසි බිස්කට් වර්ගයක් භාවිත කිරීමට අප රටේ ජනතාව පෙළඹී සිටී.මෙවැනි වැරදි වැරදි ආහාර රටාවන් තුළ අද දවසේ බෝ නොවන රෝග අසාමාන්‍ය ලෙස වැඩි වී තිබේ .
(මුළු දවසම කය වෙහෙසා කටයුතු කර එකල ලාංකිකයන්ට මෙම පැණි රස ආහාර එතරම් ගැටලුවක් ඇති නොකළද අද කාලේ එක තැන සිට රැකියාව කරන සුඛෝපභෝගී ජීවිත ගෙවන අපට වැඩි සීනි යනු අනවශ්‍ය දෙයකි.)

– නිවැරදි ආහාර රටා කුඩා කල සිටම හැකි පමණ පුරුදු කරන්න.කුඩා කල සිට නිවැරදි ආහාර රටාවට හුරු වූ දරුවා වැඩිහිටි වන විටත් එම ආහාර රටාව ප්‍රිය කරයි.

උදා: ආහාර වල රස යනු පැණි රස හෝ ලුණු රස නොවන බව.
කෑම ආහාරයකට ම අනන්‍ය වූ අනන්‍ය වූ රසයක් ඇති බව හා ඒවා වින්දනය කිරීමට ඉගැන්වීම. (මානසික වර්ධනයට වැදගත්‍ ය.)

– මාස වයස අවුරුද්දකට ආසන්න වනතුරු හෝ හැකිනම් අවුරුද්ද පසු වී හැකි පමණ කාලයක් ලුණු හෝ සීනි අඩංගු නොකර නැතහොත් ලුණු සීනි අඩුවෙන් ආහාර ගැනීමට පුරුදු කරන්න.

අවුරුද්දෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන දරුවන්ට ආහාර දීම ට උපක්‍රමයක් ලෙසින් සීනි, ලුණු, හෝ කෘත්‍රිම රසකාරක වර්ග වැනි දේ යොදා නොගන්න.ඒ වෙනුවට ස්වාභාවික ස්වභාවික රසකාරක .(බබාට කෑම guide – page 20,21) භාවිතා කරන්න.

– දරුවාට කිරි ආහාර හෝ කිරි ලබාදෙන විට රස කළ කිරි වර්ග ලබා නොදෙන්න.රස කළ කිරි පැකට් වෙනුවට ස්වභාවික නැවුම් එළකිරි වලට කස කසා පලතුරු වැනි දේ යොදා රස කර ලබා දෙන්න.
කිරි වල ස්වාභවික රසයට දරුවාට අශාව ඇති කරවන්න.

– සීනි රස කළ ආහාර ලබාදීමෙන් පසු දරුවාගෙ රසාංකුර සීනි රසයට වඩාත් කැමැත්ත දක්වන නිසා අනිත් ආහාර ප්‍රතික්ෂේප කරයි.
මේ නිසා සීනි සහිත ආහාර සම්බන්ධ උත්තේජන දරුවාට හැකි තරම් හැකි තරම් දීම අවම කරන්න.

-වැඩෙන දරුවන්ගේ මොලයට හා ක්‍රියාශීලීත්වයට ග්ලුකෝස් අවශ්‍යයි.මෙමෙ අවශ්‍යාතාවය ස්වභාවික සීනි මගින් ලබා දෙන්න.අප ගන්නා බොහෝ ආහාරවල දරුවන්ට අවශ්‍ය සීනි ප්‍රමාණ අන්තර්ගතය.
උදා:පළතුරු ,බත්,අල වර්ග,එලවලු , වෙනත් පිටි සහිත ආහාර

– පිපාසයට හැම විටම පිරිසිදු වතුර ලබා දෙන්න. නැත හොත් කෘතිමව සීනි අඩංගු නොකරන හෝ අඩු සීනි සාන්ද්‍රනයක් සහිත පළතුරු යුෂ,තැබිලි වතුර,පොල් වතුර වැනිදේ ලබා දෙන්න.

– පාසලට ගෙනයාමට යාමට බනිස් පාන්,short eats වැනි දේ ලබා නොදෙන්න.

– ගර්භනී කාලයේ සහ කිරි දෙන කාලයේදී පැණි රසට ලොල් වීම දරුවාට බලපාන බවසොයා ගෙන ඇති නිසා ගර්භනී කාලයේ සිටම පැණි රස ලුණු සහ තෙල් භාවිතය සීමා කරන්න.

– වෙළඳ උපක්‍රම ලෙස
කැලරි නොමැති සීනි නොමැති යනුවෙන් ලේබල් කරන ලද ආහාර පැණි බීම වර්ග දැන් වෙළඳපොලේ විකිණීමට ඇත.මේවට සීනි වෙනුවට සීනි රස ඇති රසකාරක යොදා ඇත .මෙම කෘතිම රසායනයන් මගින් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයෙහි වෙනස්කම් ඇති කළ හැක.ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීම, වකුගඩු වලින් පෙරීමේ ගැටලු ඇති වීම පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම සිදු විය හැක.

-දරුවන්ට කුඩා කල සිටම නොදිය යුතු සහ පුරුදු නොකළ යුතු ආහාර කීපයක් –

බිස්කට්

විශේෂයෙන් cream biscuit.trans මේද සහිත බිස්කට් වර්ග ගෙදර සකසාගත් කුකීස් ලබා දිය හැකි යි

ක්ෂණික ළදරු ආහාර

කලින් සකස් කරන ලද අසුරා ඇති ආහාර වෙනුවට ගෙදර සකස් කරගන්නා සීරියල් වර්ග පියුරි වර්ග
ලබා දෙන්න.

අයිසිං කේක් හා පේස්ට්‍රි වර්ග

නිවසේ සකස් කර ගත් ගුණදායක කේක් වර්ග ලබා දිය හැකියි.

සීනි බෝල, lollipop,

රසකැවිලි වෙනුවට පලතුරු හෝ ආහාර ගැනීමෙන් පසු ප්‍රමිතියකින් යුතු චොක්ලට් කැබැල්ලක් දෙන්න.

ලුණු අධික චිප්ස් වර්ග

මේවා සෞක්‍යට ඉතාම අහිතකර හා ඇබ්බැහි වන සුලුය.

ක්ෂණික නූඩ්ල්ස්

මේවායේ ඇති රසකාරක රස කාරක මෙන්ම නූල්ඩ්ස් සකසා ඇති gluton ශරීරයට ඉතාමත් අහිතකරය. මළ බද්ධය ඇති කරවයි.

තේ සහ කෝපි

දරුවන්ට තේ සහ කෝපි ලබා දෙන්නේ නම් ඉතාමත් අඩු සාන්ද්‍රනයෙන් සහ සීනි නොමැතිව ලබාදෙන්න.

pizza බර්ගර් සමෝසා වැනි ගැඹුරු තෙලේ බදින ලද ආහාර,දෙවතාවක් එකම තෙලක බදින ලද ආහාර සේම සියලු කෘත්‍රිම රසයක් ඇති ආහාර.

උපුටා ගැනීම : shyamalee.pathirage


Related Posts

Leave a comment