බබාලාට පණු බෙහෙත් දෙන හැටි

 

පණු රෝග යනු කුඩා දරුවන්ට ඉතාමත් බහුලව වැළඳෙන සුලබ රෝග තත්ත්වයක්.මෙය සුළුකොට තැකිය හැකි රෝග තත්ත්වයක් නොවන්නේ දරුවන් ඉතා අපහසුතාවන්ට පත්කිරීමටත් පෝෂණීය අඩුලුහුඩුතා ඇති කිරීමටත් පණු රෝග හේතු වන නිසයි.

බබාට පණු බෙහෙත් දෙන්න පටන් ගන්නේ කවදාද ?

සාමාන්‍යයෙන් දරුවකු අමතර ආහාර ලබා ගැනීම පටන් ගත්තට පසුව ඕනෑම අවස්ථාවක පණු රෝගයක් සෑදිය හැක. නියමිත සෞක්‍යය පුරුදු අනුගමනය කරන්නේ නම් මාස 18ක් පමණ වන තෙක් පණු බෙහෙත් ලබා ලබා දීම අවශ්‍ය නොවෙයි .නමුත් කුඩා දරුවන් නිතර බිම අතපත ගෑම ගා අත කටේ රුවා ගැනීම සිදු කිරීම නිසා කිරි පනු ආසාදන වැනි ආසාදන ඇතිවීමේ බොහෝ ඉඩකඩ පවතී.මෙනිසා රෝග ලක්ෂණ යම් කිසි මට්ටමකින් හෝ පළ කරන්නේ නම් පණු බෙහෙත් ලබා ලබා දීම සුදුසුයි.(ප්ණු බෙහෙත් වල අතුරු ආබාධ නොමැති තරම්ය.)

පණු රෝගයක් ඇති බව හගවන අනුමාන ලක්ෂණ
• කෑම අරුචිය
• මලානික බව ,
• කෙට්ටු වීම
• දරුවා නොසන්සුන් වීම.
• පසුපස ප්‍රදේශය රාත්‍රියට කැසීම හෝ එවැනි ඉරියව් දැක්වීම
• ඔක්කාරය,
• පාචනය,
• උදරාබාධ,
• විටමින් ඌනතා ,
• නිරක්තිය
• මූනේ සුදු පාට පුල්ලි
• ඇඟේ පලු දැමීම
• නිතර පවතින කැස්ස
• දත්මිටි කෑමේ තත්ත්වය
• මුත්‍රා දැවිල්ල සහ නිතර මුත්‍රා යාම
• රාත්‍රීයට ගුද මාර්ගය වටා කැසීම
• නින්ද නොයාම
• මලපහ සමග ලේ පිටවීම
• කලාතුරකින් සිදුවන පනුවන් වමනය ,
• දීර්ග කාලීනව පණු රෝග ඇති නම් හුණු, පස් වැනි දේ කෑමට ප්‍රියතාවයක් දැක්වීම

දරඋවන්ට ලබාදෙන පණු බෙහෙත් මොනවාද?

Mebandazole
100 mg උදේ සවස දින තුනක් ගැනීම
කිරි පණු ආසාදන සඳහා නම් පමණක් 500mg එක්දින ප්‍රතිකාරය

pyrantel
පෙති සහ syrup වශයෙන් ඇත
වයස අවුරුදු 2 සිට 9 දක්වා සිරප් තේ හැදි 1
වයස අවුරුදු 9 ට වැඩිනම් නම් තේ හැඳි 2
(බර අනුව ලබා දෙයි.)
අසුරන යේ උපදෙස් /මාත්‍රා සඳහන් ව ඇත.

Albandazole
400 mg – වයස අවුරුදු 2 ට වැඩි දරුවන්ට.

නිසි ලෙස පණු බෙහෙත් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය යනු කුමක්ද?

පණු රෝග යනු ඉතා පහසුවෙන් බෝවිය හැකි දෙයකි.විශේෂයෙන් කුඩා දරුවන් අතර බහුලවම හමු වන කිරි පණු රෝගයේ බිත්තර සුලගින් පවා ව්‍යාප්ත වෙයි.ඇද අතිරිලි ,කුෂන් ,කොට්ට මෙට්ට ,තුවා,ඇදුම් වල තැවරී පහසුවෙන් බෝවෙයි.මෙනිසා පණු බෙහෙත් ගැනීමේදී පහත ක්‍රියා පටිපාටිය අනුගමනය කල යුතුමය.එසේ නැතහොත් නැවත නැවත ආසාධනය වීම සිදුවෙයි.

• පවුලේ සාමාජිකයන් සෑම දෙනා එකම දිනයක දී පණු බෙහෙත් ලබා ගැනීම

• ඇඳ ඇතිරිලි තුවා සියලු දේ සෝදා පිරිසුදු කිරීම හැකිනම් නටන වතුරේ දමා තම්බා ගැනීම

• විශේෂයෙන් යට ඇඳුම් නටන උණුවතුරේ දමා තම්බා ගැනීම .

• කොට්ට මෙට්ට තද අව්වේ දමා වේලීම

• සති 2 කට පසුව නැවත වරක් පණු නාශක ඖෂධ ලබා ගත යුතුයි.

පණු බෙහෙත් බිව්වට පස්සේ බඩ විරේක අවශ්යපයිද ?

සමහර විට බටහිර වෛද්‍යවරුන් පණු බෙහෙත් ලබා දුන් පසු විරේචන ඖෂධද ලබා දෙයි.ආයුර්වේදයේ සඳහන් වන අන්දමට. ගුද මාර්ගයේ රැඳී ඇති පණු බිත්තර හෝ පණුවන් සිටී නම් එය ඉවත් කර ගැනීමට විරේක ලබා ගැනීම සුදුසු ය.

මාස හයෙන් හය හෝ නියමිත කාල පරතරයක් අතර පණු බෙහෙත් ලබා දිය යුතු ද ?

එසේ කාල පරතරයක් තබා පණු බෙහෙත් දීම අවශ්‍ය වන්නේ නැහැ.රෝග ලක්ෂණ පහල වුවහොත් පමණක් දීම ප්‍රමාණවත්.නමුත් මාස හයකට පමණ වරක් පණු බෙහෙත් වේලක් දීමේද ගැටලුවක්ද නැත.

පණු ප්‍රතිකාර ලබා ගත් විට නෑම නුසුදුසුද?

මෙය මිත්‍යා මතයකි.පණු ප්‍රතිකාර ලබාගත් ගත් විට අනිවාර්යයෙන්ම නෑම හෝ ඇඟ සේදීම වැනි දේ සිදු කළ යුතුයි.පිරිසිදු ව සිටිය යුතු යි.

පණු ප්‍රතිකාර ලබාගත් විට තෙල් ආහාර ඇඹුල් ආහාර නුසුදුසු ද?

මෙහි විද්‍යාත්මක සත්‍යාතාවයක් නැත.බොහෝ කලකට පෙර භාවිතා කළ සමහර පණු බෙහෙත් වලට තෙල් සහිත අහර ගැනීමේ ඇඹුල් ආහාර ගැනීමේ ගැටලු ඇති වුවද නවීන ඖෂධ වලට එවැනි ගැටලුවක් නැත.

පණු රෝග දරුවාගෙන් සදහටම තුරන් කල ගත හැකි ද ?

දරුවන් පරිසරයේ සිටින විට පහසුවෙන් පනුවන් ශරීරගත වෙයි. මෙනිසා පණු රෝග නිට්ටාවට සුවකිරීම හෝ වඳ කිරීම කල නොකැක. නිසි සෞක්‍යා පිලිවෙත් රැකීම හා වැලදුනහොත් නසි ලෙස ප්‍රතිකාර ගැනීමත් මගින් වැලකී සිටිය හැක.

පණු රෝග වලින් වැලකී සිටීමට සෞක්‍ය පිලිවෙත්

• ආහාර පිළියෙල කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර සහ වැසිකිලි යාමෙන් පසු අත් සබන් දමා හොඳින් සේදීම, සෙල්ලම් කරන විට අත් කටේ දමා ගැනීමෙන් වැලකීමට උපදෙස් දීම,

• සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීම

• පාවහන් භාවිතයට හුරු කිරීම,

• නිය කෙටි වන සේ කපා පිරිසුදුව තබා ගැනීම

• වැසිකිලිය නිසි ආකාරව පරිහරණය කිරීම

පණු රෝග සදහා පැරණි ඈයුර්වේදයේ සදහන්
කුඹුරු ඇට කසාය

කුඹුරු ඇට මද සුදුලූනු අරළු වළඟසහල් කළුදුරු එළබටු මුල් කටුවැල් බටු

මේ සියල්ල කලදයි මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 අට එකට සිඳ වරකට පත භාගය බැගින් මී පැණි තේ හැඳි භාගයක් දමා උදේ හවස පානය කරන්න දෙන්න.
දරුවන්ට භාග දෙන්න.
මේ කසාය වඩි තුනක් හෝ හතරක් පමණ ගන්න.

 

උපුටා ගැනීම : shyamalee.pathirage


Related Posts

Leave a comment